භූතානයට විදුලියෙන් දුවන මෝටර් රථ

භූතානයේ සියලු මෝටර් රථ ධාවනය කෙරෙන්නේ ඉන්ධන දහනයෙන්
ඡායාරූප ශීර්ෂ වැකිය, භූතානයේ සියලු මෝටර් රථ ධාවනය කෙරෙන්නේ ඉන්ධන දහනයෙන්
Published

ආණ්ඩුවේ ප්‍රවාහන කටයුතු සහ ටැක්සි සේවාවන් වෙනුවෙන් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ සම්පාදනය කිරීමේ ගිවිසුමකට භූතාන ආණ්ඩුව සහ නිසාන් මෝටර් රථ සමාගම අත්සන් තැබූහ.

එම ගිවිසුමට අනුව සිය Leaf වර්ගයේ මෝටර් රථ භූතානයට ලබා දෙන නිසාන් සමාගම, එම රථවලට විදුලි බලය ලබා දීමේ මධ්‍යස්තාන රට පුරාම පිහිටුවීමටද නියමිතයි.

සිය විදුලි බල අවශ්‍යතා සඳහා ජල විදුලිය නිපදවන භූතානයේ සියලු මෝටර් රථ ධාවනය කෙරෙන්නේ ඉන්ධන දහනයෙන්.

පරිසරයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් වායුව අවම කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට මෙමගින් ප්‍රබල රුකුලක් ලැබෙනු ඇති බවයි, අගමැති ෂෙරින් ටොබ්ගේ කියා සිටියේ.