ඉන්දීය සෙබළා මරා ගෙන මැරෙයි

සීරුවෙන් තබා සිටින ඉන්දීය සෙබළුන්
ඡායාරූප ශීර්ෂ වැකිය, සීරුවෙන් තබා සිටින ඉන්දීය සෙබළුන්
Published

ඉන්දියානු යුද හමුදා භටයෙක් තම සේනාංකයේ භටයන් පස් දෙනකුට වෙඩි තබා මරා දමා තමාට ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගැනීමක් ගැන ඉන්දු කාශ්මීරයෙන් වාර්තා වෙයි.

ඉන්දීය යුද හමුදා ප්‍රකාශකයෙක් කියා සිටියේ, ‘රාෂ්ට්‍රීය රයිෆල්’ සේනාංකයේ භටයා වියරුවෙන් මෙන් හැරුණ හැරුණ අත ඉබාගාතේ වෙඩි තබා ඇති බවයි.

ඉන්දු කාශ්මීරයේ ‘ගන්දර්බාල්’ දිස්ත්‍රික්කයේ කඳවුරක දී වෙඩි තැබීම සිදු වී තිබෙන්නේ අද බ්‍රහස්පතින්දා පාන්දරයි.

සොල්දාදුවා මානසික ආතතියකින් පෙලුනේද යන්නත් ඇතුළුව සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කොට තිබේ.

උතුරු ඉන්දියාවේ හිමාල අඩවියේ රඳවනු ලැබ සිටින සොල්දාදුවන් දීර්ඝ වැඩ මුර, අයහපත් පහසුකම් මෙන්ම නිවාඩු ලබා ගැනීම අතින් පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් නිතරම මෙන් පැමිණිලි කරන බවයි වාර්තාකරුවන් පවසන්නේ.