බ්රිතාන්යයට සිව්වැනි දේශපාලන බලවේගයක්

ඡායාරූප මූලාශ්රය, PA
ඊයේ, බ්රහස්පතින්දා පැවැත්වුන බ්රිතාන්ය පලාත් පාලන මැතිවරණයෙන් විශාල ජයග්රහණයක් ලබා ගැනීමට එක්සත් රාජධානියේ නිදහස් පක්ෂය(UKIP)සමත් විය.
එම පක්ෂය බ්රිතාන්යය යුරෝපා හවුලින් ඉවත් විය යුතු යයි කියා සිටින දේශපාලන ව්යාපාරයකි.
එක්සත් රාජධානියේ නිදහස් පක්ෂය ඔවුන් තරඟ වැදුණ පළාත් පාලන ආයතනවල දී 25% කට අධික ඡන්ද ප්රමාණයක් ලබා ගැනීමට සමත් වී ඇති බවයි, මෙතෙක් ප්රකාශිත ප්රතිඵල මගින් පෙන්නුම් කෙරෙන්නේ.
සියලු ඡන්ද ගණන් කරනු ලැබීමෙන් අනතුරුව කිසිදු පළාත් පාලන ආයතනයක පාලනය දිනා ගැනීමට එක්සත් රාජධානියේ නිදහස් පක්ෂය සමත් නොවිය හැකි නමුත් ඔවුන් ලබා ඇති මහජන සහයෝගය ප්රධාන දහරාවේ දේශපාලන පක්ෂවල කැලඹීමකට හේතු වනු ඇතැයි දේශපාලන තොරතුරු පිළිබඳ බීබීසී වාර්තාකරු පවසයි.
යුරෝපා පාර්ලිමේන්තුව

ඡායාරූප මූලාශ්රය, BBC World Service
ඉහත කී පළාත් පාලන මැතිවරණ වලට අතිරේකව යුරෝපා පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ බ්රිතාන්ය ඡන්ද විමසීම් ද ඊයේ පැවැත්වුණි.
නෙදර්ලන්තයද යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ පැවැත්වූ අතර සෙසු යුරෝපා රටවල් එම ඡන්ද විමසීම් ඉදිරි දින තුන ඇතුළත පැවැත්වීමට නියමිතයි.
යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ ප්රතිඵල මේ ඉරිදා නිවේදනය කරනු ලැබීමට නියමිතයි.























