සමලිංගික සම්බන්ධතාවලට වේවැල් පහර සීයක්

ඡායාරූප මූලාශ්රය, AFP
Published
ඉන්දුනීසියාවේ අචේ පළාතේ සමලිංගික සම්බන්ධතා පවත්වා අසු වන්නන්ට වේවැල් පහර සියයක දඬුවමක් විඳීමට සිදුවනු ඇත.
සමලිංගිකත්වය තහනම් කෙරෙන නව නීතියක් එම පළාත් ආණ්ඩුව විසින් පනවනු ලැබ තිබීම එයට හේතුවයි.
පළාත තුළ දැඩි ඉස්ලාම් නීති රීති ස්ථාපිත කිරීමේ පියවරක් වශයෙන් විවාහයට පරිබාහිර ව කෙරෙන ලිංගික ක්රියාකාරකම් සඳහා ද මෙම දඬුවම බලපානු ඇත.
ඉන්දුනීසියාවේ අනෙකුත් ප්රදේශවල සමලිංගිකත්වය නීතිවිරෝධී ක්රියාවක් ලෙස නොසැලකුව ද බෙදුම්වාදීන් සහ රජය අතර ගැටුම් නිමා කිරීමේ අරමුණින් ඇතිකරගත් සම්මුතියට අනුව අචේ පළාතට තමන් ගේ අභිමතය පරිදි ශාරියා නීතිය ක්රියාත්මක කිරීමට අවසර දී තිබේ.
ජාත්යන්තර ක්ෂමා සංවිධානය මෙම නව නීතිය හඳුන්වා තිබුණේ මානව හිමිකම් වල පසුබෑමක් ලෙසටයි.
























