සමලිංගික රැළියට දැඩි ආරක්ෂාව

ඡායාරූප මූලාශ්රය, AFP
Published
සර්බියාවේ බෙල්ග්රේඩ් අගනුවර සමලිංගිකයන්ගේ රැළියක් පැවැත්වෙද්දී කැරලි මර්දන පොලිස් භටයන් දහස් ගණනක් නගරය පුරා යොදවා තිබේ.
ඊයේ, සෙනසුරාදා දහස් ගණනක් ජනතාව වීදි බැස මෙම සමලිංගික රැළියට එරෙහිව උද්ඝෝෂණය දියත් කළහ.
සර්බියාවේ සමලිංගික රැළියක් පැවැත්වෙන්නේ වසර හතරකට පසු ප්රථම වතාවටයි.
2010 දී පැවති වාර්ෂික සමලිංගික රැළියට අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන් ප්රහාර එල්ල කිරීමෙන් පසු එය අවලංගු කර තිබුණි.
මෙවරද දෙපාර්ශවය අතර කැරලි කෝලාහල ඇති වේය යන සැකය මත යුධ ටැංකි යොදා සමලිංගික පෙළපාලිය ගමන් ගන්නා මාර්ගයට වාහන ඇතුළු වීම අවහිර කර තිබේ.
























