හොං කොං උද්ඝෝෂකයන්ට පොලිසියෙන් කඳුළු ගෑස්

ඡායාරූප මූලාශ්රය, AP
හොං කොං නගර මධ්යයේ උද්ඝෝෂණයේ යෙදී සිටින පිරිස් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්රහාර එල්ල කර තිබේ.
නමුත් විරෝධතාවය අතහැර විසිර යන ලෙස කල නියෝගයට කීකරු වීම වීදි බට ප්රජාතන්ත්ර හිතවාදී උද්ඝෝෂකයෝ ප්රතික්ෂේප කළහ.
2017 වසරේදී පැවැත්වෙන මැතිවරණයේදී තමන්ට කැමති නායකයෙකු පත් කර ගැනීමට ඉඩ දෙන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති.
චීන හිතෛෂී අපේක්ෂකයන් පමණක් ඡන්දය සඳහා ඉදිරිපත් කිරීමට චීනය ගෙන ඇති පියවර හේතුවෙන් හොං කොං වාසීහු කෝපයට පත් වී සිටිති.
හොං කොං කලාප නායක සී වයි ලියුං නිවේදනය කර සිටියේ පුරා දින තුනක් පැවැත් වෙන මෙම විරෝධතාව නීති විරෝධී බවයි.
මීට පෙර චීනයේ තියනැන්මෙන් චතුරශ්රය ඇතුළු වෙනත් ස්ථාන වල පැවති උද්ඝෝෂණවලට දැඩි මර්දනයක් එල්ල වූ නමුත් මෙතෙක් හොං කොං නගරයේ එවැනි පොලිස් ප්රහාර සිදු වී නැති බව හොං කොංහි වාසය කරන ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ අධ්යක්ෂක බැසිල් ප්රනාන්දු සංදේශයට පැවසුවේය.
'හොං කොං නගරයේ නිතරම පෙළපාලි පැවැත්වෙනවා. ඒ පෙළපාලි වලදී ඒවාට ආරක්ෂාව සපයන්න පොලිසිය සහභාගී වෙනවා මිසක් ඒවාට පහර දීමේ සම්ප්රදායක් මේ රටේ පවතින්නේ නැහැ' යනුවෙන් බැසිල් ප්රනාන්දු පැවසුවේය.
මෙම විරෝධතාව චීනය දක්වා ව්යාප්ත වීමේ ඉඩකඩක් පවතින බවයි ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ අධ්යක්ෂක බැසිල් ප්රනාන්දු සංදේශයට කියා සිටියේ.



























