අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය කැළඹු ‘හුද්හුද්’කුණාටුව

1999 වසරේ ඔරිස්සා ප්‍රාන්තයට එල්ල වූ චණ්ඩ කුණාටුවකින් ජීවිත දස දහසක් විනාශ විය
ඡායාරූප ශීර්ෂ වැකිය, 1999 වසරේ ඔරිස්සා ප්‍රාන්තයට එල්ල වූ චණ්ඩ කුණාටුවකින් ජීවිත දස දහසක් විනාශ විය
Published

ප්‍රචණ්ඩ ‘හුද්හුද්’ කුණාටුවට හසු වීමෙන් ඉන්දීය නැගෙනහිර වෙරළ කලාපයේ ප්‍රදේශවලට දැඩි හානි සිදු වී තිබේ.

‘හුද්හුද්’ කුණාටුව පැයට කිලෝමීටර එකසිය අසූවක වේගයකින් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය හරහා හමා ගිය අතර එම ප්‍රදේශයේ ගස් පෙරලී විදුලි රැහැන් කඩා වැටී ඇති අතර ගොඩනැගිලි වලටද හානි සිදු වී ඇත.

කුණාටුවට හසු වීමෙන් අවම වශයෙන් පුද්ගලයෝ තිදෙනෙකුවත් මරුමුවට පත් වූහ.

මීළඟ පැය කිහිපය ඇතුළත කුණාටුවේ ප්‍රචණ්ඩත්වය අඩු වීමට නියමිත නමුත් දින කිහිපයක් ගත වන තුරු තද වැසි වැටෙනු ඇති බවයි පැවසෙන්නේ.

කුණාටුව හමා යෑමට පෙර අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය ඇතුළු අසල්වැසි ඔරිස්සා ප්‍රාන්තයේ වැසියන් තුන්ලක්ෂ පනස් දහසක් පමණ ආරක්ෂක ස්ථාන කරා ඉවත් කෙරිණි.

එම වැසියන්ට අවශ්‍ය ආහාර පාන සහ ඉදුම් හිටුම් ලබා දීම සඳහා විශේෂ සහන මධ්‍යස්ථාන සිය ගණනක් පිහිටුවා තිබේ.