පිස්ටෝරියස්ට වසර පහක සිර දඬුවම්

Published

සිය පෙම්වතිය රීවා ස්ටීන්කෑම්ප් ඝාතනය කළ දකුණු අප්‍රිකානු මළල ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්ට වසර පහක සිර දඬුවම් ලබා දීමට එරට අධිකරණයක් තීන්දු කරයි.

ඝාතන චෝදනාවෙන් පිස්ටෝරියස් නිදහස් වූ නමුත් නොසැලකිලිමත්ව ක්‍රියා කිරීම හේතුවෙන් අනියම් මිනීමැරුමකට වරදකරු කර තිබේ.

දොර හරහා කළ වෙඩි තැබීමකින් නාන කාමරයේ සිටි රීවා ස්ටීන්කෑම්ප් ඝාතනය වූයේ පිස්ටෝරියස්ගේ නිවසේදීයි.

මීට අමතරව ගිනි අවි භාවිතා කිරීමේ වරදට පිස්ටෝරියස්ට වසර තුනක අත්හිටවූ සිර දඬුවම් නියම විය.