චීනයේ ගල් අඟුරු පතල් අනතුරින් දහසයක් මරුට

දුර්වල ආරක්ෂක ප්‍රමිතීන් මෙම සිදුවීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ
ඡායාරූප ශීර්ෂ වැකිය, දුර්වල ආරක්ෂක ප්‍රමිතීන් මෙම සිදුවීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ
Published

චීනයේ වයඹ දිග ප්‍රදේශයේ ගල් අඟුරු පතලක සිදු වූ අනතුරකින් පතල් කරුවන් දාසය දෙනෙකු මිය ගොස් ඇති අතර එකොළොස් දෙනෙකු තුවාල ලබා තිබේ.

බලධාරියෙකු කියා සිටියේ අනතුර සිදු වූ අවස්ථාවේ පතල තුල පුද්ගලයන් තිහකට අධික පිරිසක් සේවයේ නියැලී සිටි බවයි.

රට තුල ගල් අඟුරු සඳහා පවතින අධික ඉල්ලුමක් පැවතුන ද ඉතා පහල මට්ටමේ ආරක්ෂක ප්‍රමිතියකින් යුතු වීම නිසා දැනට ලෝකයේ අනතුරුදායක පතල් වලින් චීන ගල් අඟුරු පතල් ඉදිරියෙන් ම සිටින බවයි වාර්තා වන්නේ.