හොංකොං සිසු නායකයන්ට ගුවනින් යාමේ තහනමක්

මැතිවරණයට තරඟ කිරීමට වැඩි අපේක්ෂකයන් සංඛ්‍යාවකට ඉඩ දෙන ලෙස බේයිජිං පාලනයට බල කරමින් විරෝධතාවන් පැවැත්විණි
ඡායාරූප ශීර්ෂ වැකිය, මැතිවරණයට තරඟ කිරීමට වැඩි අපේක්ෂකයන් සංඛ්‍යාවකට ඉඩ දෙන ලෙස බේයිජිං පාලනයට බල කරමින් විරෝධතාවන් පැවැත්විණි
Published

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හොංකොං හි පැවැති විරෝධතාවන් වලට නායකකත්වය දුන් සිසු නායකයන් තිදෙනෙකුට චීන නායකයන් මුණගැසීම සඳහා චීනයට යාමට අවසර දීම ප්‍රතික්ෂේප කර ඇත.

මෙම සිසු නායකයන් තිදෙනාට හොංකොං ගුවන් තොටුපළෙන් ගුවන් යානයට නැගීමට ඉඩ දී නැත්තේ ඔවුන් ගේ ආපසු ආපසු පැමිණීමේ අවසර පත්‍රය වලංගු නොවන නිසා බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.

2017 දී පැවැත්වීමට නියමිත හොංකොං හි නායකත්වය සඳහා වූ මැතිවරණයට තරඟ කිරීමට වැඩි අපේක්ෂකයන් සංඛ්‍යාවකට ඉඩ දෙන ලෙස බේයිජිං පාලනයට බල කරමිනුයි පසුගිය සැප්තැම්බර් මස අග භාගයේ සිට විරෝධතාකරුවන් වීදි පුරා කඳවුරු ලා සිටියේ.