බෝම්බ ප්‍රහාරයෙන් මන්ත්‍රීවරියගේ දිවි බේරෙයි

Published

ඇෆ්ගනිස්ථානයේ ප්‍රමුඛ පෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්, ඇයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි බේරා ගත්තාය.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධාරිනියක වූ ශුක්‍රියා බරක්සායි ඉලක්ක කර ගෙනයි.

ඇෆ්ගනිස්තානයේ නව ජනාධිපතිවරයාගේ සමීප ආධාරකාරියක වූ ඇය මෙම බෝම්බ ප්‍රහාරය නිසා සුළු තුවාල ලබා සිටින්නීය.

මරාගෙන මැරෙන බෝම්බ කරු පුපුරන ද්‍රව්‍ය පටවා ගත් මෝටර් රථයක් පදවාගෙන විත් ශුක්‍රියා බරක්සායිගේ වාහනය අසලදී පුපුරවා හැර තිබේ.

බෝම්බය පුපුරා යන අවස්ථාවේ ඒ අසල සිටි කාන්තාවක ඇතුළු සාමාන්‍ය වැසියන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි ඇෆ්ගනිස්තානු අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ ප්‍රකාශක සෙදික් සේදිකී කියා සිටියේ.

ඇෆ්ගනිස්තානයේ නව ජනාධිපතිවරයාගේ සමීප ආධාරකාරියක වූ ශුක්‍රියා බරක්සායි
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇෆ්ගනිස්තානයේ නව ජනාධිපතිවරයාගේ සමීප ආධාරකාරියක වූ ශුක්‍රියා බරක්සායි
අසල සිටි කාන්තාවක ඇතුළු සාමාන්‍ය වැසියන් තිදෙනෙකු මිය ගොස් ඇත
ඡායාරූප ශීර්ෂ වැකිය, අසල සිටි කාන්තාවක ඇතුළු සාමාන්‍ය වැසියන් තිදෙනෙකු මිය ගොස් ඇත