උතුරු කොරියාව ජාත්‍යන්තර අධිකරණය හමුවට ?

නායක කිම් ජොන්ග් උන් ජාත්‍යන්තර අධිකරණය හමුවේ වැරදි කරුවකු විය හැකි බවයි පැවසෙන්නේ
ඡායාරූප ශීර්ෂ වැකිය, නායක කිම් ජොන්ග් උන් ජාත්‍යන්තර අධිකරණය හමුවේ වැරදි කරුවකු විය හැකි බවයි පැවසෙන්නේ
Published

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව උතුරු කොරියාව ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන ආ යුතු බවට එක්සත් ජාතීන්ගේ කමිටුවක් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.

මේ වසර මුලදී එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මගින් එළි දක්වා තිබුණේ උතුරු කොරියාවේ කම්කරු කඳවුරු ක්‍රමය සමූලඝාතන, වහල් සේවයේ යෙදවීම, වැඩ හිංසා පැමිණවීම, දුෂණය කිරීම සහ බලෙන් ගබ්සා කරවීම වැනි සිදුවීම් වලට වගකිවයුතු බවයි.

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ජාත්‍යන්තර අධිකරණය හමුවේ වැරදි කරුවකු විය හැකි බැවින් එම වාර්තාව පිළිබඳව උතුරු කොරියාව සැහැල්ලු අකාරයෙන් සලකා බැලීමට උත්සාහ කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම එක්සත් ජාතීන්ගේ වාර්තාව පිළිබඳව ආරක්ෂක මණ්ඩලය විසින් ඉදිරි කටයුතු කරනු ලැබීම වලක්වා ලීමට චීනය සහ රුසියාව කටයුතු කරමින් සිටින බවයි සැලකෙන්නේ.