මහා කුණාටුවකින් ‘බ්රිස්බේන්’ අඳුරේ
Published
බ්රහස්පතින්දා (27) ඕස්ට්රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්රාන්තයට එල්ල වූ කුණාටුවකින් එහි නිවාස සහ ව්යාපාරික ආයතන දස දහස් ගණනකට විදුලි බලය නැති විය.
කුණාටුව පැයට කිලෝ මීටර් 140 ක පමණ වේගයකින් ප්රාන්තය හරහා හමා යද්දී ‘බ්රිස්බේන්’ නගරය මතට ගොල්ෆ් ක්රීඩාවේ දී යොදා ගනු ලබන බෝල තරම් ලොකු වැහි කැට කඩා වැටුණ බවයි වාර්තා වන්නේ.
‘බ්රිස්බේන්’ නගරය පුරා ගස් සහ විදුලි රැහැන් කඩා වැටී ඇති අතර අනතුරු රැසක් වාර්තා වී ඇති බවයි, ක්වීන්ස්ලන්ඩ් ප්රාන්ත පොලිසිය පවසන්නේ.