බ්රිතාන්යයේ වඩාත් ජනප්රියතම නම ‘මුහම්මද්’

ඡායාරූප මූලාශ්රය, AFP
Published
බ්රිතාන්යයේ උපන් දරුවන්ට යොදා ඇති නම් අතරින් මේ වසරේදී වඩාත් ජනප්රියතම නම ‘මුහම්මද්’ බව සමීක්ෂණ වාර්තාවක් පේනවා දෙයි.
පිරිමි දරුවන්ට නම් තැබීමේදී මීට පෙර බ්රිතාන්ය තුළ ජනප්රිය වී තිබූ නම ‘ඔලිවර්’.
මේ අනුව අරාබි නම් භාවිතා කිරීමේ ඉහළ යෑමක් දක්නට ඇති බව සමීක්ෂණ දත්ත මගින් පෙන්නුම් කරයි.
උදාහරණයක් වශයෙන් වඩාත් ජනප්රිය ගැහැණු දරුවන්ගේ නම් සියය අතරට ‘මර්යම්’ එක් වී ඇති අතර එහි ජනප්රියතාව තවදුරටත් ඉහළ යමින් තිබේ.
ඔමාර්, අලී, සහ ඉබ්රාහීම් යන නම්ද ජනප්රියතම පිරිමි දරුවන්ගේ නම් අතරට එක් වේ.
මේ අතර ජෝර්ජ්, විලියම් සහ හැරී වැනි රාජකීයත්වය පෙන්නුම් කරන නම්වල ජනප්රියතාව හීන වෙමින් පවතී.























