පන්ජාබ් පුණ්‍යායතන ප්‍රධානියා අත් අඩංගුවට

මේ ශල්‍යකර්ම වල දී යම් ආකාරයක ආසාදිත තත්වයක් ඇතිවන්නට ඇතැයි විශ්වාස කෙරේ
ඡායාරූප ශීර්ෂ වැකිය, මේ ශල්‍යකර්ම වල දී යම් ආකාරයක ආසාදිත තත්වයක් ඇතිවන්නට ඇතැයි විශ්වාස කෙරේ
Published

උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පුණ්‍ය ආයතනයක් මගින් නොමිලයේ පැවැත්වූ ඇසේ සුද ඉවත්කිරීමේ ශල්‍යකර්ම වලට භාජනය වුවන් අන්ධ භාවයට පත්වීමේ සිද්ධිය සම්බන්ධව පන්ජාබ් පොලීසිය විසින් එම පුණ්‍ය ආයතනයේ ප්‍රධානියා අත් අඩංගුවට ගෙන තිබේ.

පන්ජාබයේ සෞඛ්‍ය අමාත්‍යවරයා බී බී සී යට පැවසුවේ මේ සිදුවීමෙන් අක්ෂි රෝගීන් දහ නම දෙනෙකුගේ සුද මතුවී තිබූ ඇස් අන්ධ භාවයට පත්වී ඇති බවයි.

මේ ශල්‍යකර්ම වල දී යම් ආකාරයක ආසාදිත තත්වයක් ඇතිවන්නට ඇතැයි බලධාරීන් පවසන අතර මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම පිණිස වෛද්‍යවරුන් කණ්ඩායමක් පත් කොට ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය මාසයේ දී චතිස්ගාර් ප්‍රාන්තයේ පැවති ඉන්දීය රජය මගින් පවත්වන ලද වන්ධ්‍යාකරණ සායනයක දී කාන්තාවන් පහළොස් දෙනෙකු මරණයට පත් වුයේද දුර්වල ක්‍රමවේදයන් හේතුවෙන් ඇති වූ ආසාදනයන් හේතුවෙන්.