'හැගුපීට්' කුණාටුවෙන් මහා විනාශයක් නැහැ

ඡායාරූප මූලාශ්රය, ap
Published
අධික සුළං සහ ධාරාණිපාත වැසි වස්සමින් පිලිපීනය හරහා හමා ගිය 'හැගුපීට්' වැසි කුණාටුවෙන් බලාපොරොත්තු වූ අන්දමේ මහා විනාශයක් සිදු වී නැතැයි වාර්තා වේ.
අධික සුළං හේතුවෙන් ගස් ඉදිරී වැටී, විදුලි රැහැන් කඩා වැටී ඇති අතර ඉදිරි පැය කිහිපය තුළ හදිසි ගංවතුර ගැලීම් සහ නාය යෑම් සිදුවීමට ඉඩ ඇති බව ද වාර්තා වේ. පිලිපීනය හරහා හමා අතර තුර දී වැසි කුණාටුවේ බලය ක්ෂය වෙමින් පවතින බවයි පැවසෙන්නේ.
කුණාටුව රටට ඇතුළු වීමට පෙර දහස් ගණනක් ජනතාව අවදානම් කලාප වලින් ඉවත් කරණ ලදී. මීට වසරකට පෙර හත්දහසකට වැඩි පිරිසකට මරු කැඳවමින් පිලිපීනය හරහා හමා ගිය 'හයියන්' කුණාටුවෙන් පසු එරට මුහුණ දෙන දරුණුතම වැසි කුණාටුව මෙයයි.























