නගරාධිපතිව මීයක් සපා කයි
Published
ඇමරිකාවේ විස්කොන්සින්හි වාර්ෂිකව පැවැත්වෙන සාම්ප්රදායික සීත සෘතුව සමරන ‘ග්රවුන්ඩ් හොග් දිනය’(groundhog day) නමින් හැඳින්වෙන උත්සවයට සහභාගී වූ නගරාධිපතිවරයා මී කුලයට අයත් සත්වයෙකුගේ සපා කෑමට ලක්ව තිබේ.
ඇමරිකානු සම්ප්රදායට අනුව එම මී කුලයේ සත්වයා (groundhog) සිය බෙනයෙන් ඉවතට පැමිණීම පදනම් කර ගෙන සීත සෘතුව අවසන් වන දිනය සම්බන්ධයෙන් අනාවැකි පළ කිරීම පෙබරවාරි දෙවෙනිදාට සමරනු ලබයි.
උත්සවය වෙනුවෙන් තෝරා ගෙන සිටි මෙම සත්වයා අතින් ගත් නගරාධිපතිවරයා අනාවැකිය පළ කිරීමට සැරසෙන විටයි සපා කෑමට ලක්ව තිබෙන්නේ.