බංග්ලාදේශයේ බෝම්බ ප්‍රහාර වලින් 9 ක් මරුට

බංග්ලාදේශ ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ටයි මේ පිළිබඳව චෝදනා එල්ලවී ඇත්තේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, බංග්ලාදේශ ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ටයි මේ පිළිබඳව චෝදනා එල්ලවී ඇත්තේ.
Published

බංග්ලාදේශයේ සිදු වූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ලයින් 9 දෙනෙකු මියගොස් තවත් තිස් දෙනෙකුට තුවාළ සිදුවී තීබේ.

බංග්ලාදේශ ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ටයි මේ පිළිබඳව පොලීසියෙන් චෝදනා එල්ලවී ඇත්තේ.

උතුරු බංග්ලාදේශයේ ගයිබන්දා දිස්ත්‍රික්කයේ දී මගීන් පිරී සිටි බස්රථයකට ගිනි බෝම්බ ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙයින් දෙදෙනෙකු කුඩා ළමුන් බවයි වාර්තා වන්නේ.

තවත් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇත්තේ දකුණු ප්‍රදේශයේදී ට්‍රක් රථයකට එල්ල කළ ප්‍රහාරයකින්.

පසුගිය සති කිහිපය තුල දී පමණක් මහා මැතිවරණයක් ඉල්ලා කෙරෙන බංග්ලාදේශ් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් ගේ විරෝධතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 70 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.