තායිලන්තයේ හිටපු අගමැතිනියට නඩු

යුද හමුදා කුමන්ත්‍රණයක් මගින් පසුගිය වසරේ බලයෙන් පහ කෙරුණ හිටපු අගමැතිනි යින්ග්ලක් සිනවත්
ඡායාරූප ශීර්ෂ වැකිය, යුද හමුදා කුමන්ත්‍රණයක් මගින් පසුගිය වසරේ බලයෙන් පහ කෙරුණ හිටපු අගමැතිනි යින්ග්ලක් සිනවත්
Published

තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ග්ලක් සිනවත්ට එරෙහිව බැංකොක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබුණි.

හිටපු අගමැතිවරියට එරෙහි චෝදනා එල්ල වන්නේ මතභේදයට ලක් වී ඇති සහල් සහනාධාර ව්‍යාපෘතියක් මුල් කර ගෙනයි.

මතභේදයට තුඩු දී තිබෙන සහනාධාර ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් නොසැලකිලිමත් වීම සම්බන්ධයෙන් තායිලන්ත නීතිපතිවරයා ඇයට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පවරන ලද අතර එම ව්‍යාපෘතිය නිසා ඩොලර් කෝටි ගණනක පාඩුවක් සිදු වූ බවයි පැවසෙන්නේ.

දස වසරක සිර දඬුවමක්?

යින්ග්ලක් සිනවත්ට එරෙහිව පසුගිය මාසයේ දෝෂාභියෝගයක් ද සම්මත විය
ඡායාරූප ශීර්ෂ වැකිය, යින්ග්ලක් සිනවත්ට එරෙහිව පසුගිය මාසයේ දෝෂාභියෝගයක් ද සම්මත විය

චෝදනා ඔප්පු වුවහොත් තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ග්ලක් සිනවත්ට දස වසරක සිර දඬුවමක් හිමි විය හැකියි.

යුද හමුදා කුමන්ත්‍රණයක් මගින් පසුගිය වසරේ බලයෙන් පහ කෙරුණ හිටපු අගමැතිනි යින්ග්ලක් සිනවත්ට එරෙහිව පසුගිය මාසයේ දෝෂාභියෝගයක් ද සම්මත විය.

මෙය දේශපාලන උවමනාවන් මත පවරන ලද නඩුවක් හැටියට හිටපු අගමැතිනි යින්ග්ලක් සිනවත්ගේ ආධාරකරුවන් සලකන බවයි බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ.