බංග්ලාදේශ බෝට්ටු අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළ යයි

Published

හදිසි අනතුරකට පත් බංග්ලාදේශ මගී යාත්‍රාවේ සිට මිය ගිය පිරිස හැත්තෑව දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

බංගලාදේශයේ පිහිටි විශාල ගංගාවක් වන පද්මා නදියේ යාත්‍රා කරමින් සිටි ඉහත කී මගී යාත්‍රාව භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හා ගැටී තිබේ.

මගී යාත්‍රාවේ පහළ තට්ටුවේ ගමන් ගත් බොහෝ දෙනෙක් දියේ ගිලී මිය ගියහ.

අනතුරට පත් මගීන්ගේ ඥාතීන්
ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරට පත් මගීන්ගේ ඥාතීන්

පනහකට හෝ හතළිහකට ආසන්න පිරිසක් අනතුරින් දිවි ගලවා ගෙන තිබේ.

යාත්‍රාවට දැරිය නොහැකි, එකසිය පනහක පමණ මගීන් පිරිසක් එහි ගමන් ගත් බව අනතුර ඇසින් දුටුවෙක් පැවසුවේය.