යේමනයේ සෞදි රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත්කර ගැනෙයි

සෞදි අරාබිය විසින් දින තුනක් තිස්සේ ගුවන් ප්‍රහාර එල්ල කළ ද මේ දක්වා ඔවුන් නතර කිරීමට හැකියාවක් ලැබී නැත
ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදි අරාබිය විසින් දින තුනක් තිස්සේ ගුවන් ප්‍රහාර එල්ල කළ ද මේ දක්වා ඔවුන් නතර කිරීමට හැකියාවක් ලැබී නැත
Published

සෞදි අරාබියානු සහ වෙනත් රටවලට අයත් රාජ්‍ය තාන්ත්‍රිකයන් ගණනාවක් දකුණු යේමනයේ අදෙන් (Aden) නගරයෙන් ඉවත්කර ගත් බව සෞදි අරාබියේ ජන මාධ්‍ය පවසයි.

‘ටොරනාඩෝ’ නමින් යුත් විශේෂ මෙහෙයුමක් සෞදි නාවික හමුදාව විසින් දියත්කළ බවයි වාර්තා වන්නේ.

ෂියා ඉස්ලාමීය ‘හූති ’ (Houthi) කැරලිකරුවන් අදෙන් (Aden) නගරය වෙත ඉදිරියට ඇදෙමින් පවතින හෙයින් මෙසේ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත්කර ගැනීමට සිදුවී තිබේ.

සෞදි අරාබිය විසින් දින තුනක් තිස්සේ ඉරානයේ සහය ලබන හුති කැරලිකරුවන් වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ ද මේ දක්වා ඔවුන් නතර කිරීමට හැකියාවක් ලැබී නැත.

යේමන් අගනුවර වන සානා (Sanaa) හි පදිංචි කරුවන් බෝම්බ ප්‍රහාර හේතුවෙන් රාත්‍රිය පුරා භීතියෙන් යුතුව සිටි බවයි වාර්තා වන්නේ.