නේපාල භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්යාව තුන්දහස ඉක්මවයි

ඡායාරූප මූලාශ්රය, Reuters
සෙනසුරාදා ඇති වූ විනාශකාරී භූමිකම්පාවෙන් විපතට පත් දුෂ්කර කඳුකර ප්රදේශවල වෙසෙන නේපාල වැසියන් වෙත ළඟා වීමට සහන සේවකයෝ දැඩි උත්සාහයක යෙදී සිටිති.
එම ප්රදේශවල වෙසෙන බොහොමයක් වැසියන්ට මේ දක්වා කිසිඳු උපකාරයක් ලැබී නොමැත.
භූමිකම්පාවට හසු වීමෙන් මිය ගොස් ඇති සංඛ්යාව මේ වන විට තුන්දහස් පන්සීය ඉක්මවා ඇතැයි වාර්තා වන අතර එම සංඛ්යාව තවදුරටත් ඉහළ යනු ඇති බවට බිය පළ වේ.

ඡායාරූප මූලාශ්රය, Getty

ඡායාරූප මූලාශ්රය, Getty
පීඩාවට පත් කත්මන්ඩු අගනුවර විවෘත භූමිවල තාවකාලිකව ලැගුම් ගෙන සිටින දිවි ගලවාගත් ලක්ෂ සංඛ්යාත පිරිස් වෙත සහන සැලසීම සඳහා ජාත්යන්තර ආධාර කණ්ඩායම් එක්රැස් වෙමින් සිටිති.

ඡායාරූප මූලාශ්රය, Getty
විපතට පත් පිරිස් වෙත කුඩාරම් සහ පානීය ජලය ලබා දෙන මෙන් නේපාල ආණ්ඩුව ඉල්ලා සිටියේය.
උපදේශන ආයතනයක් කියා සිටියේ හානියට පත් ප්රදේශ යථාතත්වයට ගෙන ඒම සඳහා දීර්ඝ කාලීන වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි පන්සීයක මුදලක් වැය වනු ඇති බවයි.
























