ජනපති තෙවැනි නිල කාලයට එරෙහි බුරුන්දිය

ඡායාරූප මූලාශ්රය, AP
Published
බුරුන්ඩි ජනාධිපති ‘පියරේ එන්කුරුන්ශිෂා’ (Pierre Nkurunziza)තුන්වැනි නිල කාලය සඳහාත් පදවියේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ගත් තීන්දුවට එරෙහිව දහස් ගණනක් ජනතාව ‘බුජුම්බුරා’ (Bujumbura) අගනුවර වීදි බැස විරෝධතාවය පළ කරමින් සිටිති.
‘මුසාගා’(Musaga) නම් උප නගරයේ සිට තොරතුරු ගෙනෙන බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ,ඇසට පෙනෙන මායිමක විරෝධතාවාදීන් දක්නට ලැබෙන අතර ඔවුන් මීටර් පනහෙන් පනහට මාර්ග බාධක ඉදි කරනු ලැබ ඇති බවයි.

ඡායාරූප මූලාශ්රය, AP
මෙම අරගලයේ දී මරා දැමුණ පුද්ගලයන් වෙනුවෙන් සති අන්තයේ දින දෙකක උද්ඝෝෂණ ව්යාපාරයක් පවත්වන මෙන් ඉල්ලා සිටි විරෝධතාවාදීහු භාණ්ඩ ගබඩා කර ගන්නා ලෙස දැනුම් දීමක් කර ඇත.
ජනාධිපති නිල කාලය දීර්ඝ කර ගනු ලැබීමට එරෙහි විරෝධතාවාදීන් පසුගිය සතියේ පොලිසිය සමඟ ප්රචණ්ඩ ලෙස ගැටීමේ දී හය දෙනකු මරා දැමුණි.
























