කන්දස් නගරයේ තාලිබාන් ගැටුම්

ඡායාරූප මූලාශ්රය, Reuters
Published
තාලිබාන් කැරළි කරුවන්ට එරෙහිව දියත් කළ ප්රහාරයකින් කැරලිකරුවන් තිස්පහක් පමණ මිය ගොස් ඇති බව ඇෆ්ගනිස්තාන හමුදා පවසයි.
මෙම මෙහෙයුම් දියත් කෙරුනේ ඇෆ්ගනිස්තානයේ ඊසාන දිග කන්දස් (Kunduz) නගරය අසල ප්රදේශයේ.

ඇෆ්ගනිස්තානය නිකුත් කර ඇති නිල වාර්තාවේ සඳහන් වන්නේ මෙම මෙහෙයුම් වලින් තාලිබාන් කැරළි කරුවන් විසින් අල්ලා ගෙන සිටි ගම් කිහිපයක බලය නැවත තහවුරු කිරීමට සමත් වූ බවයි.
කන්දස් නගරාධිපති මොහොමඩ් ඕමාර් සාෆි පවසන්නේ තාලිබාන් කැරලිකරුවන් ඉස්ලාම් රාජ්ය සංවිධානයේ සහය ලබන බවයි.
කන්දස් නගරය ආසන්නයේ පවතින මෙම ගැටුම් හේතුවෙන් ඇස්තමේන්තු ගත අවතැන් වුවන්ගේ සංඛ්යාව ලක්ෂය ඉක්මවන බවයි වාර්තා වන්නේ.
























