අනවසර විවාහයට දඬුවම මරණය

Published
උතුරු ඉන්දියාවේ දෙමාපිය අවසරය නොමැතිව රහසිගතව පළා ගොස් විවාහ වූ යුවළක් ගම් වැසියන් විසින් පහර දී දර සෑයකට දමා ගිනි තබා පුළුස්සා තිබේ.
බිහාර් ප්රාන්ත පොලිසිය පවසන්නේ තිස් හය හැවිරිදි පුද්ගලයෙකු සහ දාසය හැවිරිදි තරුණියක් මෙලෙස විවාහ වී ඇති අතර තරුණියගේ දෙමාපියන් විසින් ඔවුන් සොයා ගෙන දෙදෙනාම මරණයට පත් වන තුරු පහර දී ඇති බවයි.

ඡායාරූප මූලාශ්රය, Getty
තරුණිය ඉන්දීය නීතියට අනුව බාල වයස්කාරියකි.
පොලිසිය විසින් සැක කරුවන් හය දෙනෙකුට එරෙහිව මිනී මැරුම් චෝදනා ඉදිරිපත් කර ඇති නමුත් තවමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක පුද්ගලයෙකු පමණි.
පවුලේ ගෞරවය රැක ගැනීමේ අදහසින් සිදු වන ඝාතන ඉන්දියාවේ සුලබ අතර සංස්කෘතික වශයෙන් බොහෝ පුද්ගලයන් අනුමත කරන්නේ යෝජිත විවාහ පමණි.























