හමුදා බලය පැතිරවීමට චීනයෙන් නව උපක්රමයක්

ඡායාරූප මූලාශ්රය, AFP
Published
චීනය සිය දේශ සීමා ඉක්මවා බලපෑම් කළ හැකි වන සේ හමුදා බලය මෙහෙයවීමේ නව ක්රමයක් ප්රථම වරට ප්රකාශයට පත් කොට තිබේ.
බේජින් බලධාරීන් ප්රකාශයක් කරමින් කියා සිටියේ චීන නාවික හමුදාව සිය මුහුදු සීමා ආරක්ෂා කිරීමට අමතරව විවෘතව පවතින මුහුදු සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දැක්විය යුතු බවයි.

ඡායාරූප මූලාශ්රය, AFP
මේ වන විට චීනය අවට මුහුදු කලාපයේ බොහෝ රටවල් වලට අයිති මුහුදු සීමා වල සම සමව සිය නාවික බලය පතුරවමින් සිටියි.
බේජින් බලධාරීන් වැඩි දුරටත් කියා සිටින්නේ අයිතිය සම්බන්ධයෙන් ප්රශ්න පවතින දකුණු චීන මුහුදේ ඇති කොරල් කුඩා දුපත් වල කොරල්පර මත මීටර් දෙසිය පනහක් උසින් යුතු ප්රදීපාගාර තැනීමට කටයුතු කරන බවයි.
මේ අතර එවැනි කටයුතු වල නිරත වීම වහාම නතර කරන මෙන් ඇමරිකා එක්සත් ජනපදය නිවේදනයක් නිකුත් කර තිබේ.
























