ත්‍රස්තවාදීන් සම්බන්ධ ඔත්තු වලට සෞදි රජයෙන් තෑගී

Published

ත්‍රස්තවාදී ප්‍රහාර වැලක් වීම සිදු කරන හෝ කැරලි කරුවන් අල්ලා දෙන ඕනෑම පුද්ගලයෙකුට ඩොලර් මිලියන දෙකකට ආසන්න මුදලක් තෑගී වශයෙන් ලබා දෙන බව සෞදි අරාබි රජය පවසයි.

පසුගිය මාසයේ ෂියා මුස්ලිම් පල්ලි දෙකකට එල්ල කෙරුණ මරා ගෙන මැරෙන ප්‍රහාර වලට වග කිව යුතු බවට සැක කරුවන් දාසය දෙනෙකු නම් කිරීමෙන් පසුවයි එම තෑගී මුදල ප්‍රකාශයට පත් කොට තිබෙන්නේ.

ෂියා මුස්ලිම් පල්ලි දෙකට එම මරා ගෙන මැරෙන ප්‍රහාර එල්ල වූයේ වැඩිම පිරිසක් මුස්ලිම් පල්ලියේ වන්දනා කටයුතු සිදු කිරීමට පැමිණෙන සිකුරාදා දින දෙකකදීයි.

ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සෞදි අරාබි පෙරමුණ විසින් ප්‍රහාර වල වගකීම භාර ගෙන ඇති අතර ඔවුන් පවසන්නේ ෂියා මුස්ලිම් සුළු ජන කොටසට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි කරන බවයි.