නඩුවට මුහුණ දෙන්න: හිටපු අගරදගුරුට නියෝග

ඡායාරූප මූලාශ්රය, AP
ළමා ලිංගික අපයෝජන චෝදනා මත ගොනු කර තිබෙන නඩුවකට මුහුණ දෙන ලෙස හිටපු රෝමානු කතෝලික අගරදගුරුවරයෙකුට වතිකානය පළමු වරට නියෝග කළේය.
පසුගිය වසරේ දී පූජක පදවියෙන් නෙරපනු ලැබූ හිටපු අගරදගුරු ජෝසේෆ් වෙසොලොව්ස්කි පාප් වහන්සේගේ නියෝජිතයා ලෙස ඩොමිනිකන් ජනරජයේ කටයුතු කළ සමයේ දී මුදලට කුඩා පිරිමි ළමුන් සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා ලැබ සිටියි.
ඊට අමතරව ළමුන්ගේ අසභ්ය ඡායාරූප ළඟ තබා ගැනීමේ චෝදනාවක් ද ඔහුට එරෙහිව ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.
ළමා අපචාර චෝදනා එල්ල වන පූජකයන් සම්බන්ධයෙන් දැඩි ක්රියාමාර්ගයක් ගන්නා බවට දුන් පොරොන්දුවට අනුව ෆ්රැන්සිස් පාප් වහන්සේ කටයුතු කරන බව වතිකානයේ නියෝගයෙන් ඉඟි කෙරෙන හැඩකුයි, පෙනී යන්නේ.
ෆ්රැන්සිස් පාප් වහන්සේ එවැනි පොරොන්දුවක් දෙනු ලැබුවේ රෝමානු කතෝලික සභාව කළඹවමින් වාර්තා වූ පුජකයන් විසින් සිදු කළ ළමා අපචාර චෝදනා මාලාවකට කතෝලික පල්ලිය ලක් වීමෙන් අනතුරුවයි.























