පාකිස්තානය: දරාගත නොහැකි උණුසුමට 'ජීවිත 450ක් බිලි'

ඡායාරූප මූලාශ්රය, Reuters
Published
පාකිස්තානයේ පවතින අධික උෂ්ණත්වයට ඔරොත්තු නොදීම හේතුවෙන් හාරසීය පනස් දෙනකු පමණ මරුමුවට පත් වී ඇති බව සෞඛ්ය බලධාරීහු පවසති.
බොහොමයක් මරණ වාර්තා වී ඇත්තේ පාකිස්තානයේ විශාලතම නගරය වන කරච්චි නුවරින්.
අධික උෂ්ණත්වය හේතුවෙන් රෝගී වූ කරච්චි නුවර ඇතැම් වැසියෝ මේ වන විට ප්රතිකාර ලබමින් සිටිති.
ගතව ගිය දින කිහිපය තුළ කරච්චි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිස් පහට ළඟා වී තිබේ.
මේ අතර රාමසාන් මාසය හේතුවෙන් මුස්ලිම් භක්තිකයෝ දහවල් කාලය තුළ උපවාසයේ යෙදී සිටිති.























