රැජින බකිංහැම් මාළිගය හැර යයි?

Published

බකිංහැම් මාළිගය අලුත් වැඩියා කෙරෙන හෙයින් බ්‍රිතාන්‍ය රැජිනට මාළිගයෙන් ඉවත්ව යාමට ඉඩකඩ ඇති බව වාර්තා වෙයි.

එම පිළිසකර කටයුතු වලට පවුම් මිලියන 150 ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි.

එක්දහස් නවසීය පනස් දෙක වසරෙන් පසු බකිංහැම් මාළිගය පිළිසකර කිරීමකට ලක් කර නැති අතර මාලිගයට නව විදුලි සහ ජල නල පද්ධතියක් අවශ්‍ය බවයි නඩත්තු අංශ පවසන්නේ.

ලන්ඩනයේ පිහිටි බකිංහැම් මාළිගය
ඡායාරූප ශීර්ෂ වැකිය, ලන්ඩනයේ පිහිටි බකිංහැම් මාළිගය

ප්‍රතිපාදන වශයෙන් පසුගිය වසරේදී බ්‍රිතාන්‍ය රැජින වෙනුවෙන් ලබා දී තිබූ මුදල පවුම් මිලියන 37.9 කි.

ඇය එම මුදලින් මිලියන 35.7ක් වියදම් කොට තිබේ.

එම මුදල මේ වසරේදී මිලියන 40.05 දක්වා වැඩි කරනු ලැබීමට නියමිත අතර ලබන වසර වන විට ප්‍රතිපාදන මුදල පවුම් මිලියන 42.8 ක් දක්වා ඉහළ යෑමට නියමිතයි.