හයේ පහර හයක් සමඟ තවත් ක්රිකට් තරුවක්

ඕවරයක් ඇතුලත හයේ පහරවල් හයක් එල්ල කරමින් බුෂ්රේන්ජර්ස් කණ්ඩායමේ පිතිකරු මාර්කස් ස්ටෝයිනිස් (Marcus Stoinis) ක්රිකට් ඉතිහාසයට එක් වෙයි.

ඔහු ඔස්රෙලියාවේ බ්රිස්බේන් හි ඇලන් බෝඩර් ක්රීඩාංගනයේ පළාත් බද සමාජ ක්රීඩා තරඟාවලියක ක්රීඩා කරමින් සිටියදීයි එම ලකුණු සංඛ්යාව ලබා ගැනීමට සමත් වුනේ.

ඡායාරූප මූලාශ්රය, Getty
තරඟය පැවැත්වුනේ නැෂනල් පර්ෆොර්මන්ස් ස්කොඩ් සහ නැෂනල් ඉන්ඩිජිනස් ස්කොඩ් යන කණ්ඩායම් අතරයි.

බ්රැන්ඩන් ස්මිත් පන්දු යවන්නාට මුහුණ දෙමිනුයි පිතිකරු මාර්කස් ස්ටෝයිනිස් මේ වාර්තාව තැබුවේ.
ස්ටෝයිනිස් මේ තරඟයේදී පන්දු 73 කදී ලකුණු 121 ලබා ගැනීමට සමත් විය.
ඉතිහාසය
තරඟයේ 36 වැනි ඕවරයේදී ඔහු හයේ පහරවල් හය ලබා ගනිමින් ශ්රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, රවී ශාස්ත්රී, හර්ශාල් ගිබ්ස් සහ යුවරාජ් සිංග් යන කීර්තිමත් පිතිකරුවන් අතරට එක් විය.
ශ්රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් 1968 දී ඕවරයක් තුළ හයේ පහරවල් හයක් ලබා ගෙන වාර්තාවක් තැබූ අතර 1985 දී රවී ශාස්ත්රී ද හයේ පහරවල් හයක් එල්ල කරමින් ඉතිහාස ගත විය.
ඉන් පසු දකුණු අප්රිකාවේ හර්ශාල් ගිබ්ස් 2007 ලෝක කුසලාන තරඟාවලියෙදී හයේ පහරවල් හයක් ඕවරයක් තුළ ලබා ගැනීමේ භාග්යය උදා කර ගත්තේය.
යුවරාජ් සිංග් එම වසරේදීම T-20 තරඟාවලියේදී ඕවරයක් තුළ හයේ පහරවල් හයක් ලබා ගත්තේය.



























