ඇෆ්ඝන් ශ්රේෂ්ඨාධිකරණය ‘පුරුෂයන්ට පමණයි’

ඡායාරූප මූලාශ්රය, Reuters
ඇෆ්ඝනිස්තාන් ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරු පදවියක් සඳහා කාන්තාවක් පත් කිරීමට ගත් පළමු ප්රයත්නය එරට පාර්ලිමේන්තුව විසින් ප්රතික්ෂේප කරනු ලැබුණි.

ඡායාරූප මූලාශ්රය, tolo
අනිසා රසෝලි (Anisa Rasouli) සාමාජිකයන් නව දෙනකුගෙන් සමන්විත ඇෆ්ඝන් ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරු පදවියක් සඳහා නම් කරන ලද්දේ ජනාධිපති අෂ්රෆ් ඝානි (Ashraf Ghani) විසිනි.
එහෙත් එම නාම යෝජනාව වෙනුවෙන් ඡන්දය දී තිබුණේ මන්ත්රීවරුන් කීප දෙනකු පමණි.
ජනාධිපතිවරයා අනිසා රසෝලිගේ නමත් සමඟ තවත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියක් සඳහා පුරුෂයකු ද නිර්දේශ කර තිබුන අතර මන්ත්රීවරු ඊට අනුමැතිය දුන් බවයි වාර්තා වන්නේ.

ඇෆ්ඝන් ජනාධිපතිවරයා ප්රයත්න දරන්නේ එරට ඉහල මට්ටමේ පදවි වලට කාන්තාවන්ද වැඩි පිරිසක් අනුයුක්ත කිරීමටයි.
තාලිබාන් ව්යාපාරය ඇෆ්ඝනිස්තානයේ බලයේ සිටියදී කාන්තාවන් නිවසින් පිට වීම හෝ රැකියා කිරීම තහනම් කරනු ලැබයි තිබුණේ.
එහෙත් මේ වන විට ඇෆ්ඝන් පාර්ලිමේන්තුවේ ආසන වලින් හතරෙන් එකක් කාන්තාවන්ට වෙන් කර ඇති අතර කාන්තාවන් දෙදෙනෙක් ප්රාන්ත ආණ්ඩුකාර පදවි දරති.























