බැංකොක් නුවර විශාල පිපිරීමක්

Published

තායිලන්තයේ, බැංකොක් නුවර පිහිටි ප්‍රකට Erawan හින්දු පූජස්ථානයේ ප්‍රබල පිපිරීමක් සිදු විය.

අඩු වශයෙන් දොළොස් දෙනකුවත් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි බීබීසී වාර්තාකරු පවසයි.

පිපිරීමත් සමඟ රැස්ව සිටි පිරිස් කලබල වී ඉවතට දිවීම හේතුවෙන් අසල පිහිට මාර්ග අවහිර විය.

මේ හේතුවෙන් හදිසි සහන සේවාවන් සැපයීමට ද බාධා හට ගෙන තිබේ.

තරු පහේ හෝටලයක් අසල පිහිටි Erawan පූජස්ථානයට බෞද්ධයන් ද දිනපතා දහස් ගණනින් ඇදී එන අතර එය සංචාරයකන් අතර ද ජනප්‍රිය ස්ථානයකි.