තායිලන්ත බෝම්බ ප්රහාරය: කැමරා සටහන් හෙළිදරව්ව

ඡායාරූප මූලාශ්රය, AFP
තායිලන්තයේ බැංකොක් නුවර පසුගිය සඳුදා සිදු වූ පිපිරීම රටේ මෙතෙක් ඇතිවූ නරකම සිදු වීම බව අගමැති ප්රයුත් චෑන් ඕචා පවසයි.
අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ බෝම්බ පිපිරීම සිදු වූ හින්දු පූජස්ථානයට ගමන් මල්ලක් සහිතව පැමිණි පුද්ගලයෙකු සිය ගමන් මල්ල නොමැතිව එතනින් පිටව යන අයුරු CCTV කැමරාවක සටහන් වී ඇති බවයි.

ඡායාරූප මූලාශ්රය, Getty
ආසියාතික විදේශිකයන් නම දෙනකු ඇතුළු පුද්ගලයන් 20 දෙනකු පමණ පිපිරීමෙන් මිය ගොස් තිබේ.
පිපිරීම සිදු වූ තරු පහේ හෝටලයක් අසල පිහිටි එරවන් (Erawan) පූජස්ථානයට බෞද්ධයන් ද දිනපතා දහස් ගණනින් ඇදී එන අතර එය සංචාරයකන් අතර ද ජනප්රිය ස්ථානයකි.

ඡායාරූප මූලාශ්රය, REUTERS
තායිලන්ත බලධාරීන් පවසන්නේ පිපිරීමට සම්බන්ධ බවට සැක කළ හැකි සියලුම පාර්ශව පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි.
බලධාරීන් විසින් සැක කරන කණ්ඩායම් අතරට හමුදා පාලනයට විරුද්ධ කණ්ඩායම් සහ රජය විසින් සිදු කළ චීනයට පිහිටුවහල් කිරීම් සම්බන්ධයෙන් කෝපයෙන් පසු වන උහිගුර් ජන කණ්ඩායම්ද ඇතුළත්.























