පෝශේ රථයක් සිදු කළ හදියක්

Published

මෝල්ටා රාජ්‍යයේ පැවති මෝටර් රථ ධාවන තරඟයක් අතරතුර සිදු වූ අනතුරකින් ප්‍රේක්ෂකයන් 20 කට අධික පිරිසක් තුවාල ලබති.

රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් අනතුරට සිදු වී තිබේ.

රෝහල් ගත කෙරුණු දරුවකු ඇතුළු සිව් දෙනෙක් අසාධ්‍ය තත්වයේ පසු වෙති.

අනතුරට පත් පෝශේ රථය පදවා ඇත්තේ පොල් බේලී නමැති බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයෙක්.