තවත් සරණාගතයන් ලක්ෂයකට තාවකාලික නවාතැන්

ඡායාරූප මූලාශ්රය, Getty
යුරෝපයට ඇතුළු වීමේ අරමුණින් පැමිණෙන තවත් සරණාගතයන් ලක්ෂයකට තාවකාලික නවාතැන් සැපයීමට මධ්යම යුරෝපා නායකයන් සහ බෝල්කන් කලාපයේ රටවල් වල නායකයන් එකඟතාවකට පැමිණ ඇත.
යුරෝපා සංගමයේ රටවල් එකොළහක් සහ බෝල්කන් කලාපයේ රටවල් තුනක් අතර බ්රසෙල්ස් නුවර දී පැවති හදිසි සමුළුවේ දී සරණාගත අර්බුදය වෙනුවෙන් ගත හැකි පියවර කිහිපයකට ම එකඟතාවකට පැමිණීමට හැකි වී ඇති බවයි පැවසෙන්නේ.

ඡායාරූප මූලාශ්රය, Reuters
දේශ සීමා ආරක්ෂක නිලධාරීන් සිය ගණනක් ස්ලෝවේනියාව සහ ග්රීසියේ දේශ සීමා වල සේවය කිරීමට මේ වන විට පිටත් කර තිබේ.
සරණාගත අර්බුදය සම්බන්ධයෙන් මෙයිට වඩා වැඩි සහයෝගයකින් කටයුතු කිරීමට සමුළුවට සහභාගී වූ යුරෝපා සහ බෝල්කන් කලාපීය රටවල් සිය එකඟතාව පල කළ බවයි වාර්තා වන්නේ.
මෙම සමුළුවේ මුලසුන හෙබවූ යුරෝපා කොමිසමේ සභාපතිවරයා (Jean-Claude Juncker) කියා සිටියේ සිය රටවල් වෙත පැමිණෙන සංක්රමණිකයන් අසල්වැසි රටවලට පිටත් කර හැරීම නැවැත්වීම තුලින් පමණක් බිඳ වැටී ඇති පාලන නීති නැවත නගා සිටවීමට හැකි වනු ඇති බවයි.























