ක්රිස්මස් දූපත: සරණාගත කඳවුරේ කලබලයක්

ඡායාරූප මූලාශ්රය,
ඕස්ට්රේලියාවේ ක්රිස්මස් දුපතේ සරණාගත කඳවුරේ කලබලකාරී තත්වයක් උදා වී ඇති බව එරට බලධාරීහු පවසති.
ඉන්දීය සාගරයේ පිහිටි ක්රිස්මස් දූපත තුළ උණුසුම්කාරී වාතාවරණයක් ඇති වුනේ රැඳවුම් මධ්යස්ථානයෙන් පැන ගිය රැඳවියකුගේ මෘත ශරීරය කඳු බෑවුමක පාමුල තිබී හමු වීමෙන් අනතුරුවයි.
රැඳවියන් සිය විරෝධය පළ කිරීම සඳහා කඳවුරේ ගොඩනැගිලි තුළ ගිනි දල්වා ඇති අතර කලබලය සමනය වෙමින් ඇති බවයි බලධාරීන් පවසන්නේ.
නමුත් කැරලිකාරී තත්වය මැඩපැවැත්වීමට නොහැකි මට්ටමක් තෙක් වර්ධනය වී ඇති බව ඇතැම් ඕස්ට්රේලියානු බලධාරීන් විසින් පිළිගෙන තිබේ.

ඡායාරූප මූලාශ්රය, Getty
ආරක්ෂාව සඳහා යොදවා සිටි කාර්ය මණ්ඩලය, රැඳවුම් මධ්යස්ථානය හැර ගොස් ඇති බවද වාර්තා විය.
තත්වය සාමකාමීව සමනය කර ගැනීම සඳහා තවමත් සාකච්ඡා සිදු වෙමින් ඇති නමුත් අවට ප්රදේශය දැඩි රැකවල් යටතේ තබා ඇත.
මිය ගොස් ඇත්තේ ඕස්ට්රේලියාවේ දේශපාලන රැකවරණය පතා පැමිණි ඉරානයේ කුර්දි ජාතිකයෙක්.
ඔස්ට්රේලියාව බලා පැමිණෙන සංක්රමණිකයින් රඳවා තැබීම සඳහා යොදා ගන්නේ ක්රිස්මස් දූපතයි.

ඡායාරූප මූලාශ්රය, Getty Images
දේශපාලන රැකවරණ පතා පැමිණෙන සරණාගතයින් සිය වෙරළට ළඟා වීම වළක්වාලීමේ ප්රතිපත්තියක් ඔස්ට්රේලියාව විසින් අනුගමනය කරනු ලබයි.
එලෙස පැමිණෙන පිරිස් ඉන්දීය සාගරයේ සහ ශාන්තිකර සාගරයේ පිහිටි දූපත්වල රඳවා තැබීමටයි ඔස්ට්රේලියාව කටයුතු කරන්නේ.
ක්රිස්මස් දූපත ඇතුළු අනෙකුත් දූපත්වල රඳවා සිටින පිරිස් අතර දේශපාලන රැකවරණ පතා ඔස්ට්රේලියාව බලා පැමිණි ශ්රී ලාංකිකයෝ ද සිටිති.




























