පැරිස් ප්රහාරය: සැකකරුවන්ගේ නිවාස පරීක්ෂාවට

ඡායාරූප මූලාශ්රය, Reuters
පැරිස් ප්රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් සිටි බවට සැක කෙරෙන නිවාස ප්රංශ පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබීය.
මෙම ප්රහාරයට එක් වුණු හත් වැනි තුවක්කුකරු බවට සැක කෙරෙන සලාහ් අබ්දෙස්ලාම් තට්ටු නිවාසයක් සහ හෝටල් කාමර දෙකක් කුලියට ගෙන තිබුණි.

ඡායාරූප මූලාශ්රය, Other
මෙම ප්රහාරකයා පලා ගොස් ඇති අතර ඔහු අල්ලා ගැනීමට ජාත්යන්තර වශයෙන් මෙහෙයුමක් දියත් වෙයි.
ප්රහාරකයන් බෙල්ජියමේ සිට පැරිසියට පැමිණීමට සහ නැවත බෙල්ජියමට පලා යාමට යොදා ගත් බවට සැක කෙරෙන මෝටර් රථය ද පොලිස් පරීක්ෂාවට ලක් විය.

ඡායාරූප මූලාශ්රය, EPA
පරීක්ෂාවට ලක් කළ හෝටල් කාමරයක තිබී සොයා ගත් සිරින්ජර් සහ නල කිහිපයක් ප්රංශ මාධ්යයන් පළ කර තිබුණි.
මේවා බෝම්බ තැනීම සඳහා යොදා ගන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
129 දෙනෙකු ඝාතනයට ලක් වූ පැරිස් ප්රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්ය සංවිධානය භාර ගෙන තිබේ.
























