පැරීසියේ දැවැන්ත පොලිස් මෙහෙයුමක්

ආරක්ෂක අංශ විසින් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ආරක්ෂක අංශ විසින් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ
Published

ප්‍රංශ ආරක්ෂක හමුදා පැරීසියේ උතුරු ප්‍රදේශය තුළ දැවැන්ත මට්ටමේ 'ත්‍රස්ත මර්දන මෙහෙයුමක්' දියත් කර තිබේ.

පසුගියදා පැරීසියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සන්නද්ධ පොලිස් භටයින් නිවසක් වටලා ඇති අතර එහිදී කාන්තාවක් බෝම්බයක් පුපුරවා ගෙන සිය දිවි හානි කොට ගෙන ඇතයි ආරක්ෂක බලධාරීහු පවසති.

තවත් සැකකරුවකු එහිදී මරුමුවට පත් වී ඇති බවත් වාර්තා වේ.

ආරක්ෂක අංශ විසින් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මොරොක්කෝ සම්භවයක් සහිත අබ්දෙල්හමීඩ් අබාද් නමැති බෙල්ජියන් ජාතිකයකු මෙහෙයුමේ ඉලක්කය විය
ඡායාරූප ශීර්ෂ වැකිය, මොරොක්කෝ සම්භවයක් සහිත අබ්දෙල්හමීඩ් අබාද් නමැති බෙල්ජියන් ජාතිකයකු මෙහෙයුමේ ඉලක්කය විය

ශාන්ත ඩෙනිස් ප්‍රදේශයේ මාර්ග වසා දමා ඇති අතර සන්නද්ධ ආරක්ෂක අංශ සහ හමුදා භට පිරිස් එම ප්‍රදේශය පුරා මුර සංචාරයේ යෙදී සිටිති.

මේ අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද තුවාල ලබා තිබේ.

මොරොක්කෝ සම්භවයක් සහිත අබ්දෙල්හමීඩ් අබාද් නමැති බෙල්ජියන් ජාතිකයකු මෙහෙයුමේ ඉලක්කය විය.

එම පුද්ගලයා තවමත් නිදැල්ලේ සිටිනවාද නැතිද යන්න මේ දක්වා පැහැදිලි වී නොමැත.