APEC සමුළුවෙන් මැනිලා නොසන්සුන්
පවිත්රා පෙරේරා - බීබීසි සිංහල
ආසියානු ශාන්තිකර ආර්ථික සහයෝගිතා සමුළුව පැවැත්වෙන පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වුණු විරෝධතාවකට පොලිස් ප්රහාර එල්ල කෙරුණි.
මැනිලා නුවර සමුළුව පැවති භූමියට ඇතුළු වීමට උත්සාහ කළ සිය ගණන් විරෝධතා කරුවන් වැලක් වීමට පිලිපීන පොලිසිය විසින් අධි බලති ජල ප්රහාර ද යොදා ගනු ලැබීය.
ස්වදේශීය ශිෂ්ය කණ්ඩායම් සහ වෘතීය සමිති කණ්ඩායම් මෙලෙස විරෝධතාවයේ නියැලෙමින් ඉල්ලා සිටියේ ආසියානු ශාන්තිකර ආර්ථික සහයෝගිතා සංවිධානය විසුරුවා හරින ලෙසයි.
ආසියානු ශාන්තිකර ආර්ථික සහයෝගිතා සංවිධානයේ වෙළඳ ගනුදෙනු වලදී සමහර රටවල් කණ්ඩායම් දුප්පත් රටවලින් අයතා ලෙස වාසි ලබා ගන්නා බවටයි විරෝධතා කරුවන් චෝදනා කරන්නේ.
සමුළුවේ මූලික අවධානය
ස්වදේශීය පිලිපීන සිසුන්ගේ සංගමයේ ප්රධානියා කියා සිටියේ විරෝධතා කරුවන් දිගටම සිය කෝපය ප්රදර්ශනය කිරීමට ක්රියා කරන බවයි.

ඡායාරූප මූලාශ්රය, AP
දකුණු චීන මුහුදේ චීනය විසින් ඉදි කෙරෙන කෘතීම දූපත් හා සම්බන්ධ විවිධ ක්රියාකාරකම් හේතුවෙන් කලාපයේ රටවල් අතර ඇති වෙමින් තිබෙන මත භේද පිළිබඳ මෙවර ‘එපෙක්’(APEC) සමුළුවේ දැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.
එමෙන්ම ප්රංශ ප්රහාර මාලාව මූලික කර ගෙන ත්රස්තවාදයට එරෙහිව කලාපීය වශයෙන් සංවිධානය වී නැගී සිටීම සම්බන්ධයෙන් ද සමුළුවේ දී සාකච්ඡා කිරීමට නායකයන් බලාපොරොත්තු වෙයි.
කෙසේ වෙතත් විරෝධතා කරුවන්ගේ ප්රධානත්වය ගෙන කටයුතු කරන රෙනාටෝ රෙයස් ‘ඇසෝසියෙටඩ් ප්රෙස්’ පුවත් සේවයට කියා සිටියේ ආසියානු ශාන්තිකර ආර්ථික සහයෝගිතා සංවිධානය හුදෙක් ධනවත් රටවල් වලට වාසි සපයා ගැනීමේ අරමුණෙන් ක්රියාත්මක වන අතර පිලිපීනය වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් තව තවත් හිඟමනට ඇද දමන බවයි.
චීන කෘතීම දූපත්

ඡායාරූප මූලාශ්රය, AP
ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සමුළුව අමතමින් කියා සිටියේ දකුණු චීන මුහුදේ අයිතිය තහවුරු කර නොමැති කොරල්පර යොදා ගෙන චීනය විසින් සිදු කරන ඉදි කිරීම වහාම නැවැත්විය යුතු බවයි.
ඊට අමතරව ජනාධිපති බරක් ඔබාමා විසින් චීනය සමග මත් භේදයට පැමිණ සිටින පිලිපීනය සමග ආරක්ෂක ගිවිසුමකටද අත්සන් තබමින් පවසන්නේ කලාපයේ වැදෙමින් තිබෙන නොසන්සුන්භාවය අඩු කිරීමට දැඩි තීරණ ගත යුතුව තිබෙන බවයි.
චීන ජනාධිපති සී ජින් පින් සමුළුවට සහභාගී වීමට නියමිත අතර අදාළ ප්රශ්නය සම්බන්ධයෙන් තවමත් අදහසක් පල කොට නැත.
කෙසේ වෙතත් මින් පෙර චීනය මෙම කෘතීම දූපත් සම්බන්ධයෙන් සිය අදහස් පල කරමින් කියා සිටියේ සිය රට මෙම ඉදි කිරීම් තුලින් කිසිදු නීතියක් කඩ කර නොමැති අතර එම දූපත් හමුදා බලය පැතිර වීමට හෝ ආරක්ෂක කටයුතු වලට යොදා ගැනීමේ අදහසක් නොමැති බවයි.