ඇෆ්ඝනිස්තානයේ භූමිකම්පාවක්

Published

ඇෆ්ඝනිස්තානයේ තජිකිස්ථාන දේශසීමාවට ආසන්නයේ භූමිකම්පාවක් හට ගෙන ඇති බව පකිස්තාන බලධාරීහු පවසති.

ග්‍රිනිච් වේලාවෙන් උදේ 10.28 ට රික්ටර් මාපකයේ හයයි දශම හයක් ලෙස සටහන් වූ මෙම භූමි කම්පාවේ මධ්‍ය ලක්ෂ්‍යය ඇෆ්ගනිස්තාන හින්දු කුෂ් කඳුවැටියේ පිහිටා ඇති බවයි පකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඇතිවූ භූමිකම්පාවෙන් ඇෆ්ඝනිස්තානයේ, පකිස්තානයේ සහ ඉන්දියාවේ නගර කිහිපයක දෙදරීමක් හට ගෙන තිබේ.

ඉන්දියානු රූපවාහිනීය වාර්තා කළේ භූමිකම්පාවෙන් හට ගත් යම් දෙදරීමක් ඉන්දියාවේ දිල්ලි නුවරට ද දැනුනු බවයි.

භූමිකම්පාවෙන් ලද දෙදරීමත් සමග කාබුල් , ලාහෝර් සහ දිල්ලි නුවර වැසියන් සිය නිවෙස් වලින් ඉවතට දුව ගොස් ඇති බවයි ජනමාධ්‍ය වාර්තා කරන්නේ.

භූමිකම්පාවෙන් කිසිවකුටත් අනතුරක් සිදු වූ බවට මෙතෙක් වාර්තා ලැබී නැත.