සියදිවි නසා ගැනීමට සැරසෙන කැනඩාවේ 'ක්රී' ප්රජාව

ඡායාරූප මූලාශ්රය, Reuters
තම ගෝත්රයට අයත් පුද්ගලයන් එකොලොස් දෙනෙකු එකම දිනක දී සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කිරීමත් සමග කැනඩාවටම ආවේණික වූ හුදකලා ජන ප්රජාවක් විසින් හදිසි අවස්ථාවක් ප්රකාශයට පත් කරනු ලැබ තිබේ.
ඔන්ට්රියෝ හි ‘අතාවාපිස්කට්’ (Attawapiskat) හි ප්රධානියා වන බ්රූස් ෂිෂීස් (Bruce Shisheesh) පැවසුවේ සාමාජිකයන් දෙදහසක් පමණක් සිටින ක්රී (Cree) ජනප්රජාව මෙසේ සියදිවි නසා ගැනීමට උත්සාහකරන්නන් ගේ සංඛ්යාව ඉහළ යාම සම්බන්ධයෙන් අතිශය වේදනාවට පත් වී සිටින බවයි.
පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ‘අතාවාපිස්කට්’ (Attawapiskat) හි ක්රී (Cree) ජනප්රජාව අතර සියළු වයස් කාණ්ඩ වලට අයත් සියයකට වැඩි පිරිසක් සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කර තිබේ.
ඒ අතරින් එක් අයෙකු මිය ගිය බවයි වාර්තා වන්නේ.
කැනඩාවේ ස්වදේශික ජන ප්රජාවන් වල සාමාජිකයන් අසාමාන්ය ලෙස දුප්පත් කමින් පෙලෙන අතර විවිධ ඇබ්බැහිවීම සහ සිරගත කිරීම් වලට ලක් වී සිටිති.
කැනඩාවේ අගමැති ජස්ටින් ට්රූඩො (Justin Trudeau) මේ සම්බන්ධව ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණේ මෙම ප්රවෘත්තියෙන් කම්පාවට පත්වන අතර ස්වදේශීය ජන කණ්ඩායම් වලට උදව් කිරීම දිගටම සිදු කරන බවයි.























