යේමනයේ ගැටුම් නිමාවකට ගෙන ඒමේ උත්සාහයක්

සෞදි හමුදා ගුවන් ප්‍රහාරයකින් විනාශ වී ගිය තම නිවසින් පිටතට දිවයන අයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදි හමුදා ගුවන් ප්‍රහාරයකින් විනාශ වී ගිය තම නිවසින් පිටතට දිවයන අයෙක්
Published

සෞදි අරාබිය ප්‍රමුඛ යුද සන්ධානය විසින් එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර නතර කරන මෙන් යේමනයේ ‘හූති’ කැරලිකරුවෝ ඉල්ලා සිටිති.

සිය රටේ අර්බුදය නිමාවකට ගෙන ඒම ඉලක්කය කර ගත් සාකච්ඡා යළි ආරම්භ කරන ලෙසයි කැරලිකරුවන් ඉල්ලා සිටින්නේ.

එම ඉල්ලීම ඉදිරිපත් වුනේ ගොඩබිමින් නව ප්‍රහාර ආරම්භ වීමත් සමඟ.

තමන් මෙතෙක් එල්ල කළ ගුවන් මෙහෙයුම් සාර්ථක වී ඇති බව සෞදි හමුදාව විසින් ප්‍රකාශ කර ඇත.

එම ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාරය පළ කරන කැරලිකරුවන් ‘Taez’නගරයේ හමුදා මූලස්ථානය අල්ලා ගනු ලැබ තිබුණි.

සෞදි ආරංචි මාර්ග පවසන්නේ ගැටුම්කාරී වාතාවරණය සමථයකට පත් කිරීමේ යම් එකඟතාවයක් පිළිබඳ අවසන් තීරණයකට පැමිණෙමින් සිටින බවයි.

ගැටුම් පෙරට යමින් තිබියදී සෞදි අරාබියානු තානාපති නිලධාරීන් කැරලිකරුවන් සමඟ යම් එකඟතාවක් අති කර ගැනීමේ රහසිගත උත්සාහයක යෙදී සිටියහ.